Friday, September 5, 2014

පරමාණුක වර්ණාවලිය මඟින් ලැබෙන සාක්ෂි

පරමාණු වල ශක්ති මට්ටම් හා උප ශක්ති මට්ටම් ඇති බවට වැඩිපුරම සාක්ෂි ලැබෙන්නේ මෙමඟිනි.

පරමාණු වර්ණාවලී අධ්‍යනයට අවශ්‍ය කරුණු


1. තරංගය  :-විකිරණ ගමන් කරන්නේ තරංග ආකාරයටය

2.   ප්‍රවේගය ( C )  :- ප්‍රවේගය = දූර ඳූ කාලය

3.   සංඛ්‍යාතය ( µ )  :-  තත්පරයකදී ඇතිවන තරංග ආයාම සංඛ්‍යාව

4 .  තරංග උායාමය (l) , සංඛ්‍යාතය (f) , හා ප්‍රවේගය (c) අතර සම්බන්ධය
  C = f l                     

5.   විකිරණය :-
                             
                              විකිරණ යනු උත්තේජිත පරමාණු වලින් අයනීකාරක බලයක් හා විනිවිද යෑමේ හැකියාවක් සහිත කිරණ මුක්ත වීමකි.
                        විකිරණ මඟින් ශක්තිය එක් තැනක සිට තවත් තැනකට සම්ප්‍රේශනය කරණු ලබයි. එය රික්තකයක් හරහා වුවද සිදූකල හැක.

සත්‍ය වශයෙන්ම විකිරණ නිකුත් වන්නේ විද්්‍යුත් චුම්භක විකිරණ වශයෙනි.  එනම් කම්පනය වන එකිනෙකට ලම්භකව පිහිටන  විද්්‍යුත් චුම්භක ක්ෂේත්‍ර දෙකකින් යුත් විකිරණ වශයෙනි.


6.   විද්්‍යුත් චුම්භක විකිරණ සඳහා උදාහරණ

ආලෝකය                   
ගැමා කිරණ                     
ලේසර් කිරණ
x - කිරණ
රූපවාහිනී තරංග
අධෝරක්ත කිරණ
පාරාජම්බුල කිරණ

7.   විකිරණ වලට පරමාණුක ස්වරූපයක් ඇත

                  




Thursday, September 4, 2014

කොන්ටම් අංකනය

ප්‍රධාන කොන්ටම් අංකය ( n ) :-

ප්‍රධාන කොන්ටම් අංකය මඟින් ඉලෙක්ට්‍රෝන පිහිටා ඇති ශක්ති මට්ටම දක්වයි.



Sunday, March 9, 2014

පරමාණුව පිළිබඳ සොයාගත් වෙනත්

වැදගත් කරුණු

පරමාණුක ක්‍රමාංකය



   මූලද්‍ර ව්‍යයක ඇති ප්‍රෝටෝන සංඛ්‍යාවට හෝ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට පරමාණුක ක්‍රමංකය යැයි කියනු ලැබේ.


ස්කන්ධ ක්‍රමාංකය


       මූලද්‍රව්‍යයක ඇති ප්‍රෝටෝන සංඛ්‍යාවේ හා නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවට ස්කන්ධ ක්‍රමංකය යැයි කියනු ලැබේ.

Saturday, March 8, 2014

කැතෝඩ කිරණ

කැතෝඩ කිරණ වල ගුණ


  • කැතෝඩ කිරණ සරල රේඛීයව ගමන් කරයි. 
  • කැතෝඩ කිරණ ඍණ ආරෝපිතය.
  • කැතෝඩ කිරණ ස්කන්ධයක් සහිත අංශු වලින් සමන්විතය. ඉලක්කයක වද්දා ක්ෂණිකව නැවැත්වූ විට එම ඉලක්කයෙන් කිරණ මුක්ත වේ.
  • කැතෝඩ කිරණ කැතෝඩ පෘෂ්ඨයට ලම්භකව නිකුත් වේ. 
  • කැතෝඩ කිරණ ගැටුණු විට වායු අයනීකරණය වේ. 
  • කැතෝඩ කිරණ වලට අංශුමය මෙන්ම තරංගමය ගුණ ද පිහිටා ඇත.

Wednesday, March 5, 2014

ප්ලම් පුඩිම් ආකෘතිය

ප්ලම් පුඩිම් ආකෘතිය [ජේ.ජේ තොම්සන්]





පරමාණුව නිර්මාණය වී ඇත්තේ ප්ලම් පුඩිමක් තුළ ප්ලම්ස් ගිලී පවතින ආකාරයට ධන ආරෝපිත ගෝලයක් තුළ ඉලේක්ට්‍රෝන ගිලී යෑමෙනි.  සමස්ථ ධන ආරෝපණය සමස්ථ ඍණ ආරෝපණය සමාන වී පරමාණුව උදාසීන වී ඇත.


 ප්ලම් පුඩිම් ආකෘතිය ප්‍රතික්ශේප විමට හේතු

1  පරමාණු වල ස්ථායිතාවය පිළිබඳ පැහැදිලි කල නොහැකි විම
2  විමෝචන වර්ණාවලිය පැහැදිලි කල නොහැකි විම
3  න්‍යෂ්ට්ක ආකෘතිය ඉදිරිපත් විම 

Monday, March 3, 2014

න්‍යෂ්ට්ක ආකෘතිය

රන් පත් පරීක්ෂණය  

රන් පත් පරීක්ෂණය මඟින් රදර්ෆර්ඩ්ගේ මෙහෙය වීම යටතේ ගයිගර් හා මාස්ඩන් විසින් පරමාණුවේ ස්වභාවය පිළිබඳ ආකෘතියක් ඉදිරිපත් කරන ලදී. මේ සඳහා ඇල්ෆා කිරණ යොදා ගැණුනි.   
                   

රන් පත් පරීක්ෂණයේ නීරීක්ෂණ හා නිගමන


නිරීක්ෂණ ---


1   ඇල්ෆා අංශු වැඩි ප්‍රමාණයක් ගමන් දිශාවේ වෙනසක් නොවී        
     ඉදිරියට ගමන් කරයි.

2   ඇල්ෆා අංශු සුලු ප්‍රමාණයක් 1000 / 1 පමණ අපගනය වේ.

3   ඇල්ෆා අංශු ඉතා සුලු ප්‍රමාණයක්  2000 / 1  පමණි.   
     මහාකෝණයකින් පරාවර්ථනය වී ආපසු ගමන් කිරීම.



Wednesday, February 12, 2014

පදාර්ථයේ ගුණ

වායු තුළින් විද්්‍යුතය යැවිය හැකිද 




William_Crookes
සාමන්‍ය පීඩනයේදි වාතය තුළින් විද්්‍යුතය ගමන් නොකරයි නමුත් අඩු පීඩනයක් සහිත නලයක්  තුළ වායුවක් යොදා ඒ තුළින් විද්යුතය ගමන් කරවිමට විලියම් කෘෘක්ස්  1875 දී උත්සහ කරන ලදී. මේ සඳහා හිටොෆ් හා ප්ලූකර් යන විද්‍යාඥයින්ද සහය ලබා දූනි.    
මෙහිදි වායුවක් පිරවූ නලයක් දෙකෙළවරට ඇනෝඩයක් කැතෝඩයක් යොදා විභව අත්තරයක් සපයා නළය තුළ පීඩනය ක්‍රමයෙන් අඩු කරන ලදී.

එවිට
  • කැතෝඩය අසල දිලිසෙන බවත්.
  • පීඩනය තවත් අඩු කරන විට ඇතිවු දිලිසුම ක්‍රමයෙන් ඇනෝඩය දෙසට ගමන්  කරන බවත්
  • එවිට ඇනෝඩය හා කැතෝඩය අතර දිලිසුමට පිටුපසින් අඳූරු පදෙසක් ඇති වන බවටත් දැකිය හැක.  එය කෘෘක්ස් අඳූරු කලාපය ලෙස හදූන්වයි.
  • පීඩනය පැස්කල් 1 දක්වා අඩු කල විට අඳූර මු¿ නළය පුරාම පැතීරී කැතෝඩයේ සිට ඇනෝඩය දෙසට කිරණ කදම්භයක් ඇති වන බවටත්
  • ඒවා විහිදූනු නළයේ බිත්ති මත කොළ පාට දිලිසුමක් ඇති වන බවටත් නිරීක්ෂණය කළ හැක.
  • කැතෝඩයෙන් හට ගත් නිසා මෙම කිරණ කැතෝඩ කිරණ ලෙස නම් කරන  ලදී.