Wednesday, February 12, 2014

පදාර්ථයේ ගුණ

වායු තුළින් විද්්‍යුතය යැවිය හැකිද 




William_Crookes
සාමන්‍ය පීඩනයේදි වාතය තුළින් විද්්‍යුතය ගමන් නොකරයි නමුත් අඩු පීඩනයක් සහිත නලයක්  තුළ වායුවක් යොදා ඒ තුළින් විද්යුතය ගමන් කරවිමට විලියම් කෘෘක්ස්  1875 දී උත්සහ කරන ලදී. මේ සඳහා හිටොෆ් හා ප්ලූකර් යන විද්‍යාඥයින්ද සහය ලබා දූනි.    
මෙහිදි වායුවක් පිරවූ නලයක් දෙකෙළවරට ඇනෝඩයක් කැතෝඩයක් යොදා විභව අත්තරයක් සපයා නළය තුළ පීඩනය ක්‍රමයෙන් අඩු කරන ලදී.

එවිට
  • කැතෝඩය අසල දිලිසෙන බවත්.
  • පීඩනය තවත් අඩු කරන විට ඇතිවු දිලිසුම ක්‍රමයෙන් ඇනෝඩය දෙසට ගමන්  කරන බවත්
  • එවිට ඇනෝඩය හා කැතෝඩය අතර දිලිසුමට පිටුපසින් අඳූරු පදෙසක් ඇති වන බවටත් දැකිය හැක.  එය කෘෘක්ස් අඳූරු කලාපය ලෙස හදූන්වයි.
  • පීඩනය පැස්කල් 1 දක්වා අඩු කල විට අඳූර මු¿ නළය පුරාම පැතීරී කැතෝඩයේ සිට ඇනෝඩය දෙසට කිරණ කදම්භයක් ඇති වන බවටත්
  • ඒවා විහිදූනු නළයේ බිත්ති මත කොළ පාට දිලිසුමක් ඇති වන බවටත් නිරීක්ෂණය කළ හැක.
  • කැතෝඩයෙන් හට ගත් නිසා මෙම කිරණ කැතෝඩ කිරණ ලෙස නම් කරන  ලදී.

Saturday, February 8, 2014

පදාර්ථයේ ගුණ හා ව්‍යුහය

පදාර්ථයේ ගුණ හා ව්‍යුහය 


ආදි ග්‍රීකයෝ ඇම්බර් නැමති මැලියම් විශේෂයකින් සෑදූ ෂටලයක් රෙදි විවීම සඳහා භාවිතා කර ඇත. එම ෂටලය යන්ත්‍රයේ බෙයාරින් වල ඇතිල්ලූනු විට සේද රෙදි ඊට ඇලෙන බව නිරීක්ෂණය කළහ. එය ඔවුන් විද්්‍යුතනය වීම ලෙස හැඳින්විය.

1929-ග්‍රේ විසින් මිනිස් සිරුරජලය හා ලෝහ තුළින් විද්්‍යුතය ගමන් කරන බව පෙන්වාදිය.

1745-ඇලෙක්සැන්ඩ්‍රා වොල්ටා විසින් සෑම ඝණ ද්‍රව්‍යකටම විද්්‍යුත් තරලයක් ඇති බව පෙන්වා දූන් අතර යම් ඝණ ද්‍රව්‍ය දෙකක් එකට ගැටුණු විට විභවය වැඩි තැන සිට අඩු තැනට ගමන් කරන බව ප්‍රකාශ කළේය.