Sunday, March 9, 2014

පරමාණුව පිළිබඳ සොයාගත් වෙනත්

වැදගත් කරුණු

පරමාණුක ක්‍රමාංකය



   මූලද්‍ර ව්‍යයක ඇති ප්‍රෝටෝන සංඛ්‍යාවට හෝ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට පරමාණුක ක්‍රමංකය යැයි කියනු ලැබේ.


ස්කන්ධ ක්‍රමාංකය


       මූලද්‍රව්‍යයක ඇති ප්‍රෝටෝන සංඛ්‍යාවේ හා නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවට ස්කන්ධ ක්‍රමංකය යැයි කියනු ලැබේ.

Saturday, March 8, 2014

කැතෝඩ කිරණ

කැතෝඩ කිරණ වල ගුණ


  • කැතෝඩ කිරණ සරල රේඛීයව ගමන් කරයි. 
  • කැතෝඩ කිරණ ඍණ ආරෝපිතය.
  • කැතෝඩ කිරණ ස්කන්ධයක් සහිත අංශු වලින් සමන්විතය. ඉලක්කයක වද්දා ක්ෂණිකව නැවැත්වූ විට එම ඉලක්කයෙන් කිරණ මුක්ත වේ.
  • කැතෝඩ කිරණ කැතෝඩ පෘෂ්ඨයට ලම්භකව නිකුත් වේ. 
  • කැතෝඩ කිරණ ගැටුණු විට වායු අයනීකරණය වේ. 
  • කැතෝඩ කිරණ වලට අංශුමය මෙන්ම තරංගමය ගුණ ද පිහිටා ඇත.

Wednesday, March 5, 2014

ප්ලම් පුඩිම් ආකෘතිය

ප්ලම් පුඩිම් ආකෘතිය [ජේ.ජේ තොම්සන්]





පරමාණුව නිර්මාණය වී ඇත්තේ ප්ලම් පුඩිමක් තුළ ප්ලම්ස් ගිලී පවතින ආකාරයට ධන ආරෝපිත ගෝලයක් තුළ ඉලේක්ට්‍රෝන ගිලී යෑමෙනි.  සමස්ථ ධන ආරෝපණය සමස්ථ ඍණ ආරෝපණය සමාන වී පරමාණුව උදාසීන වී ඇත.


 ප්ලම් පුඩිම් ආකෘතිය ප්‍රතික්ශේප විමට හේතු

1  පරමාණු වල ස්ථායිතාවය පිළිබඳ පැහැදිලි කල නොහැකි විම
2  විමෝචන වර්ණාවලිය පැහැදිලි කල නොහැකි විම
3  න්‍යෂ්ට්ක ආකෘතිය ඉදිරිපත් විම 

Monday, March 3, 2014

න්‍යෂ්ට්ක ආකෘතිය

රන් පත් පරීක්ෂණය  

රන් පත් පරීක්ෂණය මඟින් රදර්ෆර්ඩ්ගේ මෙහෙය වීම යටතේ ගයිගර් හා මාස්ඩන් විසින් පරමාණුවේ ස්වභාවය පිළිබඳ ආකෘතියක් ඉදිරිපත් කරන ලදී. මේ සඳහා ඇල්ෆා කිරණ යොදා ගැණුනි.   
                   

රන් පත් පරීක්ෂණයේ නීරීක්ෂණ හා නිගමන


නිරීක්ෂණ ---


1   ඇල්ෆා අංශු වැඩි ප්‍රමාණයක් ගමන් දිශාවේ වෙනසක් නොවී        
     ඉදිරියට ගමන් කරයි.

2   ඇල්ෆා අංශු සුලු ප්‍රමාණයක් 1000 / 1 පමණ අපගනය වේ.

3   ඇල්ෆා අංශු ඉතා සුලු ප්‍රමාණයක්  2000 / 1  පමණි.   
     මහාකෝණයකින් පරාවර්ථනය වී ආපසු ගමන් කිරීම.